Gavesha Club Refund Policy

දරුවන් එක හා සම කල නොහැකියි. ඒ බැවින් ඒ ඒ දරුවාට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දීම යුතුකමක් ලෙස ගවේෂ ආයතනය දකින්නෙමු. මේ නිසා ඔබේ දරුවාගේ අභිවෘධිය වෙනුවෙන් ඔබ කරන සෑම ආයෝජනයකටම උපරිම වටිනාකමක් දීමට පහත කොන්දේසි අනුරූපව refund පහසුකම් ද ලබා දීමට අප උත්සුක වෙමු.

  1. මෙහි සදහන් refund පහසුකම් ලබා ගැනීමේ කොන්දේසි වලංගු වන්නේ “ගවේෂ App” හෝ “ගවේෂ වෙබ් පිටුව” හරහා Credit Card භාවිතයෙන් මුදල් ගෙවීම් කල පාරිභෝගික ඔබ වෙනුවෙන් පමණක් බව සලකන්න.

  2. ලියාපදිංචි වීම සඳහා Credit Card දත්ත ලබාදුන් පසු ඔබ විසින් ඇනවුම් කරන සෑම ගවේෂ සේවාවක් සඳහා මුදල් අය කරනු ලබනුයේ ඔබ වෙත පෙර දෙනුම් දීමක් කිරිමෙන් පසුවයි. මෙම දැනුම් දීම SMS පණිවිඩයක්, email පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් යන ඕනෑම ආකාරයකින් සිදු විය හැක. එනම්,

    a. ගවේෂ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත් කට්ටයල නිකුත් කිරීමට පෙර,

    b. සමාජිකයෙක් වී ඔබට අවශ්‍ය විද්‍යාගාර කට්ටලයක් ගැනීමේදී හෝ පෙර ලබාගත් කට්ටයක මාසික කල් පිරුමක් සිදුවන විට දී,

    c. පාඨමාලාවක් සඳහා සම්බන්ධ වීමේදී, පාඨමාලා මාසික කල් පිරීමක් වීමේදී මෙම දැනුම් දීම අප විසින් කරනු ලැබේ.

  3. පිළිගත හැකි සාධාරණ හේතුවක් මත ව්‍යාපාරික දින හතක් ඇතුලත ගවේෂ සමාජයේ ලියාපදිංචිය සඳහා කල ඉල්ලීම අවලංගු කිරීම සඳහා අයිතිය ඔබට ඇත. එසේ කිරීමට ලියාපදිංචි ගාස්තු ගෙවා ව්‍යාපාරික දින 7ක් ඉක්මවීමට පෙර +94712587166 අපගේ දුරකථන අංකයට ඇමතුමක් හරහා දැනුම් දිය යුතුයි. එසේ දැනුම්දුන් පසු අප ආයතනයේ නියෝජිතයෙක් විසින් ඒ ඉල්ලීම සලකා බලා එය සාධාරණ හේතුවක් නම්, පහත සදහන් පරිදි refund ලබා දෙනු ඇත.

    a. මෙම ඉල්ලීම කරන විට අප විසින් ඔබේ/ඔබේ දරුවාගේ නමට නිකුත් කරන ලද මුද්‍රිත අයදුම්පත් කට්ටයල ඔබ වෙත නිකුත් කර නැතිනම්. රු.100ක බැංකු සේවා ගාස්තු මුදලක් හැර ඉතිරිය ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට දින 14ක් ඇතුලත බැර කරනු ලැබේ.

    b. මෙම ඉල්ලීම කරන විට අප විසින් ඔබේ/ඔබේ දරුවාගේ නමට නිකුත් කරන ලද මුද්‍රිත අයදුම්පත් කට්ටයල මේ වන විටත් ඔබට ලැබී ඇතිනම් එය අප විසින් ඔබට පවරාදුන් අන්දමටම අප වෙත ලැබීමට සැලස්විය යුතුය.

    එම කට්ටලය අප වෙත ලැබීමෙන් පසු රු.550/=ක බැංකු සේවා, මුද්දර/ප්‍රවාහන ගාස්තු මුදලක් හැර ඉතිරිය ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට දින 14ක් ඇතුලත බැර කරනු ලැබේ.

    c. ගවේෂ සාමාජිකත්වය සඳහා වන මුද්‍රිත අයදුම්පත මිලදී ගන්නේ අපගේ නියෝජිත ආයතනයකින් නම් එකී ආයතනයේ යලි මුදල් ගෙවීමේ කොන්දේසි පමණක් බලාත්මක වේ. එයට අප ඍජු මැදිහත් වීමක් සිදු කරනුයේ නැත.

  4. ඔබට වලංගු ගවේෂ සාමාජික ගිණුමක් හිමි නම්, ගවේෂ විද්‍යාගාර කට්ටල සඳහා වන සේවා ගාස්තුව හෝ පාඨමාලා ගාස්තු යන මාසික සේවා ගාස්තු අදාළ ඇනවුම කල පසුව සාධාරණ හේතුන් මත නැවත ඉල්ලීමට ඔබට අයිතිය ඇත. එහිදී,

    a. ඉල්ලීම කරනුයේ ඇනවුම කර ව්‍යාපාරික දින 7ක් ඇතුලත නම් සහ ඒ වන විටත් ඔබගේ ඇනවුමට ආදාළ විද්‍යාගාර කට්ටලය ඔබට ලැබී නැතිනම්, අප ආයතනයේ නියෝජිතයෙක් විසින් ඉල්ලීම සලකා බලා සාධාරණ හේතුවක් නම්, රු.100ක බැංකු සේවා ගාස්තුව හැර ඉතිරිය යලි ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට දින 14ක් ඇතුලත බැර කරනු ලැබේ.

    b. ඉල්ලීම කරනුයේ විද්‍යාගාර කට්ටලය ඔබට ලැබී දින 7ක් ඇතුලත සහ විද්‍යාගාර කට්ටලය කිසිම විටක විවෘත නොකර අප විසින් ඔබට භාර දුන් තත්වයේම ඇති විට නම්, ආයතනයේ නියෝජිතයෙක් විසින් ඒ ඉල්ලීම සලකා බලා, ඔබ ගෙවූ මාසික සේවා ගාස්තුවෙන් රු.550ක් වන බැංකු සේවා ගාස්තු, බෙදා හැරීම් ගාස්තු මුදල හැර ඉතිරිය ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට බැර කරනු ලැබේ.

    මෙහිදී අදාළ මුදල් යලි ගෙවීම සිදු වන්නේ ඔබ සතු ගවේෂ විද්‍යාගාර කට්ටලය ආයතනය වෙත යලි භාරදුන් දින සිට දින 14ක් ඇතුලතය.

    c. ඉල්ලීම කරනුයේ විද්‍යාගාර කට්ටලය ඔබ සතුව ගතවෙන දෙවන මාසය හෝ ඉන් ඉදිරියට එන ඕනෑම මාසයක් සඳහා හෝ පාඨමාලාවක් වෙනුවෙන් සිදුවන ස්වයන්ක්‍රීය මාසික සේවා ගාස්තු අය කිරීමක් සම්බන්ධව නම්, එම ගාස්තුව අය සිදු වී ව්‍යපාරික දින තුනක් ඇතුලත ඉල්ලීම සිදු කල යුතුය. එවිට රු.100ක බැංකු සේවා ගාස්තුව හැර අවසාන මාසයට වූ ගෙවීම යලි ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට බැර කරනු ලබන අතර මේ ඉල්ලීම ගවේෂ සේවාව තාවකාලිව නතර කරන්න කරන ඉල්ලිමක් ලෙස සලකා ඉල්ලීම අවසානයේ ඔබේ ගිණුම සාමාන්‍ය ගිණුමක් බවට පරිවර්තනය කරනු ලැබේ.

    මෙහිදී ද අදාළ මුදල් යලි ගෙවීම සිදු වන්නේ ඔබ සතු විද්‍යාගාර කට්ටල නිසි ලෙස කට්ටලයේ අඩංගු උපදෙස් අනුව යලි භාරදිය යුතු කොටස් සියල්ලම සම්පූර්ණව ආයතනය වෙත භාර දුන් දින සිට දින 14ක් ඇතුලතය. කට්ටලය නැවත භාර දුන් පසු සම්පූර්ණ කට්ටලය භාර දී නොමැති බවට හඳුනාගන්නා ලදී නම් එවිට භාර නොදුන් කොටස් වලට අදාළ අලාභය අඩු කරගෙන ඉතිරි මුදල ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට බැර කරනු ලැබේ. අලාභය ගණනය කරනු ලබන්නේ අදාළ කොටස් වල එදිනට වෙළඳ පොළ වටිනාකම මතය.